CharityShop Sales Team Training Program

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

Aug 1, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

ඉලක්කය ගැන පමණක් සිතන්න….

” පණ්ඩිතයාට ඒ දණ්ඩේ  යන්න අපහසුය..” කියා කතාවක් ඔබත් අසා ඇති. අපේ බොහෝ අයත් මෙහෙමයි.යමක් කරන්නට කලින් ම අවදානම් ගැන සිතමින් පසුබට වීම දුර්වල පුද්ගල ලක්ෂණයක් බැව් වටහාගත යුතුමය. අවදානමකින් තොර කිසිවක් ලොවෙහි නැති අතර ඒවා මැඩගෙන ඉදිරියට ගිය යමෙක් වේ නම් ඔහු සාර්ථක මිනිසෙකි…

ආරම්භයටද පෙර අවදානම ගැනම සිතමින් තම වැඩ නවතා දැමූවන් නීච පරාජිතයන්මය.ඔවුන්ගෙන් තමන්ටවත් ලෝකයටවත් සෙතක්නොවේ…

කිසිවිටකත් අවදානමට බියනොවන්න.. සුබවාදිව කටයුතු ආරම්භ කරන්න. අභියෝගවලදි නොසැළි අකම්පිතව ඒවා ශක්තියක් බව සිතා නුවණින් විසදුම පමණක් සොයන්න.ඒතුළ ජයග්‍රහණය සැගවී තිබෙන බව සිතන්න.තමන්සතු ශක්තිය බලය කිසිවිටකවත් සුළුවෙන් නොසිතන්න.ඒවිට ඔබේ ආත්ම විශ්වාසය ගොඩනැගෙනු නිසැකය.ප්‍රශ්ණ ගැටලු හමුවේ කම්පානොවී පසුබටනොවී ශක්තියෙන් නැගිසිටින්න….

කිසිවිටකවත් සර්ව සම්පුර්ණ දේවල් නොසොයා තිබෙන දෙය ගැලපෙන පරිදි සකසාගන්න. ඉවත දමා තිබෙන ලී කොටයකින් අලංකාර අල්මාරියක් මේසයක් ඉදිවන්නාක් මෙන් කුඩාවෙන් හෝ ලද දෙය වාසනාවක් සේ සලකා ඒ තුලින් වටිනාකමක් ඇතිකර ගන්නට බුද්ධිමත් වන්න.ජන්මයෙන් හෝ කුඩාකාලයේදි හෝ මනසට කාවැදුණු ගතානුගතික රින අදහස් හැදින ඒවා සිතින් බැහැර කරන්න….

ඔබ සිතන්න ඔබට කැප කළ හැකි දේ බොහෝය.කාලය යනු මුදල් බවට පත්කර ගතහැකි සම්පතකි. මුදල් සෙවීම අපහසු දෙයක් සේ සිතුවද ඒය ඉතා පහසුය.

අපහසුයැයි හැගුණි නම් ඒ ඔබ නියමිත මාර්ගයට අවතීර්ණ නොවිමයි.ඒ දණ්ඩ අසලට පැමිණි පණ්ඩිතයා මෙන් ඔබද මෝඩ තර්කවිතර්ක මනසට දමාගෙන පසුබට විමයි.ඒ දණ්ඩ දිරා ඇතැයි රිනාත්මකව බැලු පන්ඩිතයා අවසානයේ ගගට වැටී සැඩපහරට හසුවිය.ධනාත්මකව සිතුවන් සුවසේ ඒදණ්ඩ තරණය කලේය…

ඔබ කවරෙක්දැයි ඔබම විමසා බලන්න…

ලැබු අවස්තාවන් කිසිලෙසකින්වත් මගනොහැර ඒවා තුළින් රුවන් දොරටු විවර කරගන්න…..

ඇතැම්‍ අවස්තාවන්හිදි නොසිතු බාධක ඇතිවිය හැකි අතරම ඒතුල අපට නොපෙනි සැගවි වාසනාව ලගාවිය හැකිය.ඒනිසා කිසිවකින් කලකිරිමට පත්නොවන්න… මානසිකව නොවැටෙන්න පෙරටත් වඩා ශක්තිමත් බවට පත්වන්න.

සැබෑ විසදුම තිබෙන්නේ කලකිරිම තුළනොව බුද්ධිමත් විසදුම තුලය.

ලෝකයේ මිනිසුන් කොටස් දෙකකි. ඒනම් , සැපයුම් කරුවන් සහ බුක්ති විදින්නන්ය…

(පාරිබෝගිකයන්). විටෙක සැපයුම් කරුවාද පාරිබෝගිකයෙකි.තවත් විටෙක පාරිබෝගිකයාද සැපයුම්‍ කරුවෙකි. තමන්ගේ සැපයුම ඉහල තලයකට ගත් විට ඔහු ව්‍යාපාරිකයෙකි. ලෝකයේ පරිබෝජනය සදහා අවශ්‍ය  බොහෝදේ තිබේ. ඒකී අවශ්‍යතා  සපුරන්නට යමෙක් සමත් වේ නම් ඔබටද ඉහලින්ම පහසුවෙන් මුදල් ඉපයිය හැකිය. අවශ්‍ය ම  සුදුසුකම ශක්තිමත් සිතක් පමණකි..

ව්‍යාපාරයක් යනු ඉල්ලුම සහ සැපයිමයි.ඉල්ලුම ඉබේ වැඩිනොවන අතර අපවිසින් වැඩිකර ගතයුතුය. ඒවිට සල්ලි ගංගා ගලනු නිසැකය…

මේ කරුණු හොදින් සිතන්න ඔබේ දියුණුව සහතිකයි.

ලැබෙනතුරු ලතනොවි ලබාගන්නට වෙහෙසෙන්න……

ඉක්මනින්ම CharityShop එක්ක එකතු වෙලා ආදායමක් උපයන්න…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට #2021ජූලි31 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021අගෝස්තු1 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)