CharityShop Sales Team Training Program

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

May 30, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

අපි  සොබාදහම ගැන ධනාත්මක සිතක් ඇති කර ගමු……….

මුලින්ම ස්වභාවික පරිසරයට ඉතාමත් ආදරය කරන එයට චේතනාන්විතව කිසිදු හානියක් නොකරන  ජීවිතයේ අංක එකට හදවතින්ම රකින ප්‍රතිපත්තියක් අපි හැමෝම ඇති කර ගමු ……..

අපි පරිසරය ගැන එක දවසක් හෝ දෙකක් නෙවෙයි හැමදාම කතා කළ යුතුයි…..අපිට පරිසරය ගැන සොබා දහම ගැන අපේම වූ අර්ථකතනයක් තියෙන්න ම  ඕන……..

පරිසරය සහ සොබා දහම යනු විශ්වය විසින් අපට ලබා දී තියෙන අමිල ත්‍යාගයක්..එහි වටිනාකම මොන තරම්ද …විශ්ව ශක්තියේ උපත………විශ්ව ශක්තියේ මුල ස්භාවධර්මයයි…..එය අප කවුරුත්  ප්‍රත්‍යක්ෂ කළ සදාතනික සත්‍යයක්..අපි ධනාත්මක චින්තකයන් සහ ධනාත්මක චින්තනය ජීවන විලාශය කර ගත් අය ලෙස පළමුව සොබා දහමට අවනත විය යුතුමයි…එතනයි ධනාත්මක චින්තනයේ ආරම්භය……..

විශ්වයේ ශක්ති ප්‍රභේදයන් සියල්ල රදවාගෙන සිටින සොබා දහම අමතක කර කටයුතු කරන කිසිවකුට  ස්භාවධර්මයෙන් නම් කිසිදා  පිහිටක් ලැබෙන්නේ  නැහැ………

මිනිසා අනෙකුත් සත්වයින්ගෙන් වෙනස් වන ප්‍රධාන දේ තමයි..මිනිසා පරිසරයට අනුගත වී ජීවත් වීම පසෙකලා පරිසරය තමාට අවශ්‍ය ලෙස වෙනස් කර ගනිමින් ජීවත් වීම..මිනිසා හැර අනෙකුත් සියලුම සතුන් පරිසරයට අනුගත වී ජීවත් වෙනවා..සමහර අවස්ථා හැරෙන්න..මිනිස් ඉතිහාසයේ මුල පටන්ම පරිසරය සමග මිනිසාට නොනවතින අරගලයක් තිබුණා…එම අරගලය විසින් මිනිසා අතිශය බුද්දිමත් සත්වයෙක් කරා කිව්වොත් එය නිවැරදියි..නමුත් එතරම් තත්වයකට එන්න අත දීපු සොබා දහමට මිනිසා විසින් දක්වන අකාරුණික සැලකිල්ල පෙරළා නැවත මිනිසාටම පාරා වළල්ලක් වෙච්ච අවස්ථා ඕන තරම් ලෝක ඉතිහාසයෙන් උපුටා දක්වන්න පුලුවන්…මිනිසා මොන තරම් දියුණු අති නවීන තත්වයක හිටියත් සොබා දහම ඉදිරියේ දණ ගහපු අවස්ථවකට මෑතකාලීන හොදම උදාහරණය තමයි කොරෝනා වසංගතය..

දැන් අපේ රටෙත් පරිසරය ගැන වන විනාශය ගැන සොබා දහම ගැන විශාල වශයෙන් කතා වෙනවා..සහ පරිසරය ගැන අන් කවරදාටත් වඩා ලොකු උද්යෝගයක් අැති වෙලා තියෙනවා..මෙය ඉතාම හොද තත්වයක් හැටියටයි මම දකින්නේ..විවිධ පුද්ගලයන් දේශපාලකයන් විවිධ සංවිධාන මෙම තත්වය තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ..භාවිතා කිරීමටත් උත්සාහ දරණ තත්වයක් තුළ ධනාත්මක චින්තකයන් ⁣සහ විශ්වීය මිනිසුන් ලෙස විශ්වයට වග කියන මිනිසුන් ලෙස අපි මෙම තත්වය නිවැරදිව අවබෝද කරගෙන කටයුතු කළ යුතුයි..

පළමු දේ අපි සොබා දහම වෙනුවෙන් මුකුත් නොකලට කමක් නැහැ..නමුත් සොබා දහමට අපි විසින් පුද්ගලිකව සිදු කරන පොඩි පොඩි හානියේ් ඉදලා ලොකුවට කරන හානිය නතර කරන්න කියලා මම ඉල්ලා සිටිනවා..අපිට ඒක කරන්න පුලුවන්…එක සිතිවිල්ලකින්..මම සොබා දහමට කිසිදු හානියක් නොකරන අභිමානවත් මිනිසෙක්……. ගැහැණියක්…….. කියන අවංක අව්‍යාජ සිතිවිල්ල සිතට ගන්න..ටොපි කොලයක් වත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හරින්න බැහැ සැබෑම ධනාත්මක චින්තකයෙකුට..කොටින්ම නරක සිතිවිල්ලක් වත් මුදා නොහරින්නා නියම සැබෑම  ධනාත්මක චින්තකයා වන්නේ …….

සමහර පුද්ගලයන් කිසිදු හැගීමකින් තොරව පරිසරයට නොදිරන ද්‍රව්‍ය අපද්‍රව්‍ය මුදා හරින හැටි……ඔබේ ඇස් පනාපිට කාණු වලට කුණු අපද්‍රව්‍ය මුදා හරින හැටි ඔබත්  දැකලා ඇති… ….සමහර අම්මලා දරුවන් සමග පාරේ යද්දි අයිස් ක්‍රීම් ආවරණය කරලා තියෙන පොලිතීන් කවර ඔහේ පාරට දමනවා..ඇත්තටම මේවා දකිද්දී හිතට එන කණගාටු කළකිරීම පිළිකුල කියන්න වචන නැහැ..

අපි පරිසරය රැක ගන්න මුකුත් නොකලට කමක් නැහැ..පරිසරට හොදින් රැකෙන්න ආරක්ෂා වෙන්න අසීමිත ශක්තියක් බලයක් තියෙනවා..අපි සිතිවිල්ලකින් වත් පරිසරයට හානි නොකර ඉන්න පුරුදු වෙමු..අපි අපේ දරුවන්ට ඒ ගැන කියා දෙමු…ඒ සදහා අපි මුලින්ම ආදර්ශවත් ලෙස පරිසරය හා සුසර වෙමු..අනිවාර්යෙන්ම ඒ ලෙන්ගතු අව්‍යාජත්වය දවසක ඔබව සුවපත් මිනිසකු…. ගැහැණියක….. කරනවා නිසැකයි..එය හරියට භාවනාවක් වගේ..සොබා දහමට ආදරය කිරීම   එහි සුන්දරත්වය විදීම අතිශය මිහිරි ගීතයක් වගේ……

ඔබත්  සොබා දහමට ලෙන්ගතු අයෙක් වෙන්න……..

අනිවාර්යෙන්ම දවසක විශ්වය ඔබව අගය කරනවා………..

ඒක විශ්වාස  කරන්න……..

සොබා දහම ගැන අපමණ දයාවක් කරුණාවක් ඇති අයට කිසිම දවසක වරදින්නේ නැහැ…….

පරිසරය  තුළ තියෙන්නේ  මහා  විශ්ව ශක්තියක්………..

ඔබත් ඒ විශ්ව ශක්තිය ට අයිතිවාසිකම් කියන පුද්ගලයෙක් වන්න……

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021මැයි29 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021මැයි30 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)