CharityShop Sales Team Training Program

දවසේ සිතුවිල්ල ~ යහපත් දවසක් – සුභ උදෑසනක්

Jun 5, 2021 | දවසේ සිතුවිල්ල | 0 comments

සිතේ බලය

අපි අපේ විදිය අනුව සිතට යම් යම් සීමා පනවගෙන තියෙනවා.. අපි අපි වටා සීමා වැටක් සලකුණු කරගෙන තියෙනවා..හොදට හිතලා බලන්න..අපි මොන තරාතිරමක අයෙක් උනත් අපිට පුලුවන් දේ සහ බැරි දේ යනුවෙන් කොටස් දෙකක් වෙන් කරගෙන ඉන්නවා. අපි අපිට පුලුවන් දේ පමණක් කරන්න කටයුතු කරනවා.. අපේ සමාජයේ මතයක් තියෙනවා.. උබ කරන්න ඕන උබේ තාත්තා අම්මා කරපු දේ උපේ පවුලේ අනික් මිනිස්සු කරපු දේ.. උබේ ගමේ උන් කරපු දේ.. උබේ වර්ගේ උන් කරපු දේ.. මේක අපි පොඩි කාලේ ඉදලම අපේ ඔළු  වලට දාන දෙයක්..

හිතලා බලන්න මේ සීමාව පහු කරන්න එක උත්සාහයක් හරි ගත්තොත් ඔබට අහන්න විදින්න වෙන දේ……👇

“ඇගිල්ලේ තරමට ඉදිමියන්.. උඩ පැන්නොත් බිම වැටෙන්න වෙනවා..උබලට පුලුවන්ද ඕවා කරන්න..”

අපි ලෝක මට්ටමෙන් ලෝකයට බලපෑමක් කරපු පුද්ගලයන් ගැන හිතලා බලමු. අපේ අසල්වැසි රට ඉන්දියාවේ මහත්මා ගාන්ධි ඉතා කෙසග සිරුරක් හිමි සාමාන්‍ය මනස්සයෙක්..ඔහුගේ හැකියාවෙන් ශක්තියෙන් සමස්ථ භාරතයම අවදි කරලා එකදු ලේ බිදුවක් හෝ නොසෙල්වා ඉන්දියාවට නිදහස ලබා ගන්න අරගල කරා.. හිරි නොබසින අධිරාජ්‍යය නමින් විරුදාවලිය ලත් ලෝකයේ එවකට බලවත්ම රාජ්‍යයට මහත්මා ගාන්ධි තුමාගේ අරගලය ඉදිරියේ පසුබා ඉන්දියාවට නිදහස ලබා  දෙන්න සිද්ද උනා..

අපි ගමු ඇමරිකාවේ හිටපු ජනප්‍රිය  ජනාධිපතිවරයකු වූ බැරක් ඔබාමා.. එතුමා අප්‍රිකන් සම්බවයක් සහිත කළු ජාතිකයෙක්.. ඉතිහාසයේ පළමු වරට ඇමරිකා එක්සත් ජනපදයේ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහු තේරි පත් වෙනවා..ඔහු ඔහුට හිමි වාර දෙකම ජනාධිපති ධූරය හොබවා විශ්‍රාම යනවා….

අපි ගමු ලෝක පූජිත විප්ලවවාදී අර්නස්ටෝ චේ ගුවේරා.. ඔහු ඇදුම රෝගයෙන් නිතර පීඩා වින්ද සාමාන්‍ය වෛද්‍යවරයෙක්.. නමුත් ඔහු ඒ සියල්ල පසෙකලා පීඩිත පංතිය වෙනුවෙන් අරගල කිරීමට තීරණය කරා..අද චේ කියන්නේ සමාජවාදී විප්ලවයේ සංකේතය..

නෙල්සන් මැන්ඩලා තම රටවෙච්ච දකුණු අප්‍රිකාව යටත් කරගෙන හිටපු සුදු පාලකයන්ට එරෙහිව අරගල කිරීමේ මාවත තෝරා ගත් පුද්ගලයෙක්.. ඔහු ඒ නිසා වසර විසි හතක් අඛණ්ඩ සිර දඩුවමකට පවා ලක් උනා..නමුත් ඔහු දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා වෙන එක කාටවත් වලක්වන්න බැරි උනා..

මම ඔය ඉහත දක්වපු විශිෂ්ට පුද්ගලයන් කවුරුවත් අසාමාන්‍ය ශරීර ශක්තියක් හෝ වෙනත් පුද්ගල අසාමාන්‍ය තත්වයක් රැගෙන මෙලොවට ආ අය නොවෙයි..ඔවුන් තුළ තිබුණ එකම අසාමාන්‍යතාවය තමයි ඔවුන්ගේ සිත යම් සීමාවකට යටත් නොකර සිටීම..මහත්මා ගාන්ධි හිතුවනම් මම හරි පොඩි කෙසග ශරීරයක් තියෙන මනුස්සයෙක් “මට පුලුවන්ද ඔය තුවක්කු බට උස්සගෙන වෙඩි තියාගෙන එන සුද්දෝ එක්ක හැප්පෙන්න…. ලෝකෙන් බාගයක් යටත් කරගෙන ඉන්න සුද්දෝ එක්ක හැප්පෙන්න මම බල්ලෙක් වගේ මරලා දායි ඊට හොදයි පාඩුවේ මම දන්න පෙරකදෝරු රස්සාව කරගෙන ඉන්නවා ” කියලා ..අද අපිට මහත්මා ගාන්ධි කෙනකු ගැන අහන්න ලැබෙන්නේ නෑ…ඒ වගේම තමයි කලු ජාතිකයෙක් වෙච්ච ඔබාමා හිතුවනම් “මට පුුලුවන්ද සුදු හමක් තියෙන බහුතර ඇමරිකානු ජනතාවගේ ජනාධිපති වෙන්න වර්ණබේදවාදයේ තිබිරි ගෙය වෙච්ච ඇමරිකාවේ ජනාධිපති වෙන්න” කියලා….එහෙම හිතලා තමන්ගේ හිතට සීමාවක් දාගෙන ” මම ඔය ලැබුණ ආණ්ඩුකාර කමක් සෙනට් මන්ත්‍රී කමක් කරගෙන ප්‍රාන්ත නායකයෙක් වෙලා ඉන්නවා..” කියලා.. අද ලොකයක් කතා වෙන බැරක් ඔබාමා බිහි වෙන්නේ නෑ..

ඉතින් පැහැදිලියි නේ අද ඔබ ඉන්න තත්වේ අද ඔබ ගෙවන ජීවිතය ඔබ ලබපු සියල්ලක්ම ඔබේ සිතිවිලි වල බලය හෝ දුර්වලතාවය බව..ඔබේ සිතීමේ පරාසය කොතරම්ද එය මේ මොහොත වන විට ඔබ ඉදරිපිට දෘශමාන වන යථාර්තය බව තේරුම් ගන්න..

මේ මොහොතේ ඔබේ සිතේ පවතින තත්වයේ නිර්මාපකයා ඔබම තමයි එය වෙන අයෙකගේ හෝ කිහිප දෙනෙකුගේ නිර්මාණයක් නොවෙයි..

මගේ යාලුවෙක් කියපු කතාවක්……….

මචං මම සාමාන්‍ය පෙළ ලියලා ඉවර උනාට පස්සේ මගේ තාත්තා මට වඩුවැඩ උගන්වන පාසලක පුහුණුවකට අයදුම් කරන්න අයදුම් පත්‍රයක් ගෙනල්ලා දුන්නා.. මොකද අපේ තාත්තට පොඩි හරි විශ්වාසයක් තිබුණේ නෑ මම සාමාන්‍ය පෙළ සමත් වෙයි කියලා..මම ඒ අයදුම් පත ඉරලා විසි කරා.. මට ඒ වෙලාවේ දැනුණේ හරි දුකක් මම කවදාවත් මගේ ජීවිතේ ඒ තරම් පොඩි තැනක හිර කරනවද මචං.. මට ඕන ගම හොල්ලන්න රට හොල්ලන්න.. හොද ගමනක් යන්න..හැබැයි ඔහු සාමාන්‍ය පෙළ විභාගයත් සමත් වෙනවා..සාම්ප්‍රදායික අධ්‍යපනය පැත්තෙන් ඔහුට එතරම් දුරක් යන්නට නොහැකි උනත් ඔහු මේ වෙනකොට ව්‍යාපාරිකයෙක් ලෙස ලොකු තැනක ඉන්නවා..

ඉතින් ඔබට ඔබව විශ්වාසනම් ඔබේ සිත හයිය කරගෙන ඔබේ ගමන යන්න.. කුරුල්ලෙක් පියඹා විත් ගසක අත්තක හිද ගන්නේ අත්තේ හයියගැන විශ්වාසය තබමින් නොව තමන්ගේ අත්තටු කෙරෙහි තබන අසීමිත විශ්වාසයෙන්  කියලා කියනවා නේ..අන්න ඒ වගේ ඔබ ඔබ කෙරෙහි අසීමිතව විශ්වාසය තබමින් ඔබේ ගමන යන්න . එයට කිසිදු සීමාවක් මායිමක් තියා ගන්න එපා..සීමා මායිම් සහිත මිනිසා කූඩුවක සිර කරන ලද ගිරවෙක් වගේ..

අද මම මෙතන ඉන්නේ මම මං ගැන විශ්වාස කල නිසා. මගේ කොච්චර අඩුපාඩු තියේද? ඒත් මං ඒ අඩුපාඩු මගේ ශක්තියක් කරගත්තා. අද මං මට සතුටු වෙන්න පුළුවන් තැනක ඉන්නවා…

ඊයේ දවසේ ඔබ කාර්යබහුල වුනානම් ඊයේ අපි පළකල සියලුම පෝස්ට් #2021ජූනි4 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන බලන්න පුලුවන්.

අද දවස ආරම්භ කරන්න ඊයේ දවසේ මොකද වුනේ කියලා හරි අවබෝධයකින්…

කිසිම දෙයක් මගහැරගන්න එපා…

Charityshop Team

#2021ජූනි5 (අද දවසේ පෝස්ට් කියවන්න ඕනෑම අවස්ථාවක මේ වචනය ටච් කරන්න)