CharityShop Sales Team Training Program

CharityShop ආයතනයේ පිළිපැදිය යුතු විනය නීති ~ සාමාජිකයින්ගේ සාමාජිකත්වය අහෝසි වන වැරදි

Jun 5, 2021 | විනයනීති | 0 comments

✅ පහත ඕනෑම වැරැද්දකට ඔබ සාමාජික ගාස්තුව රු.250 ගෙවා තිබුණද, රු.25,000ක් ගෙවා තිබුණද ක්ෂණිකව සාමාජිකත්වය අහෝසි කෙරේ. ඔබ ගෙවූ මුදල අපට වැදගත් නැත. වැදගත් වන්නේ විනය සහ සදාචාරයයි.

1️⃣ අනුන්ගේ පෝස්ට් වලට කමෙන්ට් කිරීම සපූරා තහනම්.

වෙනත් කෙනෙක් ආදායම් උපයන්න අප්ලෝඩ් කල පෝස්ට් එකකට හෝ අපගේ ආයතනයට අදාල නොවන පෝස්ට් එකකට කමෙන්ට් කිරීම තහනම්.

ඔබට අප විසින් ප්‍රවර්ධනය පත්‍රිකා 500 වඩා නිර්මාණය කර දී ඇත. එසේනම් ඒවා ලංකාවේ ඇති ලක්ෂ ගණන් ගෲප් වලට පෝස්ට් එකක් ලෙස යොදන්න. අනුන්ගේ පෝස්ට් වලට කමෙන්ට් යොදා CharityShop ගැන කීම සපුරා තහනම්.

❎ යමෙක් LKBux, WinWin, Success Lanka හෝ වෙනත් eMoney ආයතන වෙනුවෙන් පළකල පෝස්ට් වලට CharityShop ප්‍රවර්ධන පෝස්ට්, රෙෆරල් ලින්ක් හෝ ප්‍රවර්ධන පත්‍රිකා කමෙන්ට් කිරීම සපුරා තහනම්. ඒ මොහොතේම ඔබගේ සාමාජිකත්වය අහෝසි කිරීමට අප ආයතනයට අවසර ඇත. එය ඔබේ පෝස්ට් එකක් වුණනම් ඔබ කැමතිද ඒ අය කමෙන්ට් කරනවාට? නැහැ නේද? අන්න ඒ  ආකාරයට සිතන්න.

❎ යමෙක් “ඔන්ලයින් සල්ලි හොයන්න හොඳ ක්‍රම මොනවාද, ශුවර් සයිට් මොනවාද, මටත් ඔන්ලයිස් සල්ලි හොයන්න කියලා දෙන්න” මේ වගේ පෝස්ට් එකක් දාලා තියෙනවද? ක්ෂණිකව ඔය පෝස්ට් එකට ලංකාවේ රෙෆරල් හිඟන්නෝ ටික රිංගනවා. ඔබත් එසේ නොකරන්න. ඔබත් හිඟා නොකන්න. ඔබට අවශ්‍ය හැමදේම අප ලබාදී ඇත. ඔබ එයට ගොස් කමෙන්ට් කලහොත් ඔබට ලැබෙන්නේ එක් අයෙක් පමණි. නමුත් ඔබ පෝස්ට් එකක් පළකලහොත් ඔබට ඕනෑ තරම් අය ලැබේවි.

❎ බදුල්ලේ නතර වෙන්න හොඳ හෝටලයක් කියන්න, අපි බැඳලා අවුරුද්දක් වුනාට තවම ළමයි නෑ මොකද කරන්නේ? ඔය වගේ ප්‍රශ්නයක් අහලා තිබ්බොත් කෙනෙක් පෝස්ට් එකකින් ඔවුන්ට CharityShop වැඩක් තියේද? නැත. එසේනම් අනවශ්‍ය පෝස්ට් වලට කමෙන්ට් නොකරන්න.

සරළව අපගේ රෙෆරල් ලින්ක්/ප්‍රවර්ධනය පත්‍රිකා/CharityShop Recommended වැනි කිසිම  දෙයක් ජූනි 5න් පසු මේ ලෝකයේ කිසිම තැනක දකින්න බැහැ.

⭕ කමෙන්ට් සම්පූර්ණයෙන්ම තහනම්.

✅ ඔබට ඇතිතරම් පෝස්ට් පළකරන්න අවසර තියේ.

2️⃣ අවසරයකින් තොරව කෙනෙක්ට ඉන්බොක්ස් මැසේජ් යැවීම තහනම්…

ඔබ දකිනවා කෙනෙක් පෝස්ට් එකක් දාලා තියෙනවා “ඔන්ලයින් සල්ලි හොයන්න ක්‍රම මොනවද?” කියලා.

ඔබ හිතනවා CharityShop එකෙන් අපිට කමෙන්ට් තහනම් කලානේ. එහෙනම් Inbox මැසේජ් එකක් දාලා මෙයාව අල්ලගත්තොත් මට ගාණක් එනවා.

Inbox Message සපුරා තහනම් !

ඔබ පලකල පෝස්ට් එකකට Details Inbox එවන්න කියා එම පුද්ගලයා අවසර දුන්නොත් පමණයි ඔබට අවසර තිබෙන්නේ යමෙකුට එසේ පණිවිඩයක් යවන්න.

3️⃣ අනෙකුත් විනය නීති කඩ කිරීම තහනම්…

තව අපි ඔබට විනය නීති මාලාවක් ලබාදී තියේ. ඒවාද කඩ කිරීම සපුරා තහනම්.

ඕනෑම විනය නීති කඩකිරීමකදී ඉස්සර අපි 5 වරක් සමාව දුන්නා. ඉන්බොක්ස් අවවාද කලා, ගෲප් චැට් එකෙන් අවවාද කලා.

නමුත් CharityShop Post සියල්ල කියවීම අපි අනිවාර්ය කරලා තියෙන්නේ. එතකොට ඔබට ඒවා මගහැරෙන්න බෑ. එහෙම මග හරින අය අපිට එපා. ඒ නිසා දැන් 5 වරක් දැනුම් දි නැහැ. එක විනාඩියෙන් ඔබේ සාමාජිකත්වය අහොසි.

CharityShop වල පාඨමාලා ගාස්තුව / ඇතුලත්වීමේ සාමාජික ගාස්තුව අපි සැමවිටම තීරණය කරන්නේ අපි පළකර ඇති පෝස්ට් / ආදායම් ඉපයීම් ක්‍රම / උපදෙස් ප්‍රමාණය අනුවයි. එවිට ඔබ සම්බන්ධ වන විටම අප ඔබගේ ගෙවීමට සරිලන දැනුම ලබාදී අවසන්. ඔබව සාමාජිකත්වයෙන් ඉවත් කලත් ඔබට ගෲප් එකේ දැනුම ජීවිත කාලයටම නොමිළයේ ලබාගන්න පුලුවන්.

නමුත් විනය නීති කඩකලොත් අපත් සමඟ එකතුව ආදායම් උපයන්න අවස්ථාවක් ලබාදෙන්නේ නැහැ.

ප.ලි : අපිට අනුන්ව හදන්න බෑ. අපි හැදෙමු. සරලව කීවොත් ලංකාවේ අනික් අනික් eMoney ආයතන වල 99%ක් රෙෆරල් හිඟන්නෝ ඉන්නේ. නම් කියන්න ඕන නෑ. ඔක්කොම ආයතන. ඒ ආයතන වල ඉහළ නිළධාරීන් සහ ප්‍රවර්ධනය ඉහළින්ම කරන අයත් එක්ක මං කතාකලා. ඒ අය කියනවා ඒක හදන්න බැරිලු. මේ ලෝකේ බැහැ කියලා දෙයක් නෑ. මං කලා ඒක. අනික් මිනිස්සු රෙෆරල් හොයද්දි, සල්ලි පස්සේ යනකොට, මම ආයතනයේ මාස 6ක් කලේ විනය, සදාචාරය හදපු එක. ඔක්කොම හදන්න බැරිවුණා. ඒත් 90%ක් හැදුවා.

යහපත් හෙට දිනක් වෙනුවෙන් සදාචාරසම්පන්න වෙන්න…

නීති පිළිපදින්න…

CharityShop Disciplinary rules & ethics

චැරිටිශොප් විනය නීති සහ ආචාර ධර්ම

CharityShop Team

#2021ජූනි5