CharityShop Sales Team Training Program

කම්මැලිකමට හිටියනම්, වගකීම් ඉටුනොකලානම් නොමිළයේ ලබාදුන් සාමාජිකත්වය මැයි 31 මධ්‍යම රාත්‍රී 12න් අවසන් වේ…

May 31, 2021 | විශේෂ නිවේදන | 0 comments

අපි පසුගිය මාස 6 තුළ සාමාජිකයින් 4,200 ආසන්න ප්‍රමාණයකට Free Plan එකෙන් කටයුතු කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා.

එසේ ලබාදුන් හේතුව ඔවුන් ආයතනයට ලාභයක් උපයාදේවි යැයි සහ අපි බලාපොරොත්තු වෙන එකම යුතුකම (ලයික්, කමෙන්ට්) ලබාදේවි යැයි සිතාය. ඒ අනුව සක්‍රීය නොවුණ සහ රු.1ක් හෝ ආදායම් උපයා නැති පහත අයගේ සාමාජිකත්වයන් ඉවත්වේ.

1️⃣ Free Plan සම්බන්ධ වූ ආදායම් ඉපයූ නැති අය හෝ ආදායම් ඉපයීමට උත්සාහ නොකල අය.

2️⃣ අවශ්‍යතාවය මත ආදායම් උපයාවියැයි සිතා නොමිළයේ සාමාජිකත්වය ලබාදුන්…

ගැබිණි මව්වරුන්

ත්‍රිවිධ හමුදා නිළධාරීන්

අවුරුදු 18-20 අතර සාමාජිකයින්

විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්

වැන්දඹු කාන්තාවන්

දරුවන් 3 දෙනෙක්ට වැඩි අය

ආබාධිත අය

පවුලේ සාමාජිකයෙක් බරපතල රෝගාබාදයකින් පෙළෙන අය

3️⃣ තරඟ වලින් නොමිළයේ සාමාජිකත්වය හිමිවූ අය

4️⃣ තරඟ වලින් සාමාජික ගාස්තුව වෙනුවෙන් වට්ටම් හිමිවූ අය තවමත් සාමාජික ගාස්තුව ගෙවා නැතිනම්

නොමිළයේ ලබාදුන් අවස්ථාව ඔබ ප්‍රයෝජනයට ගත්තේ නැතිනම් තව දුරටත් අවස්ථාව ලබාදීමට අප සූදානම් නැහැ…

සම්බන්ධ වෙන්න කැමතිනම් සාමාජික ගාස්තුව ගෙවා කැමති දිනක සම්බන්ධ විය හැක.

✅ නමුත් යම් අයෙක් පෝස්ට් ශෙයාර් ටීම් එකේ එක දිගට මාසයක් පෝස්ට් ශෙයාර් කලානම් හෝ ගෲප් එකේ පෝස්ට් වලට අඩුම තරමින් මාසයක් වත් එක දිගට කමෙන්ට් ලයික් කර තිබේනම් ජූනි 1න් පසුව ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් සාමාජික ගාස්තුවට යම් වට්ටමක් ලබාදීමට අප සූදානම්.

කම්මැලි මිනිස්සුන්ට, ආයතනයට ආදරයක් නැති මිනිස්සුන්ට CharityShop වල තැනක් නැහැ…

CharityShop Team

#2021මැයි31