CharityShop Sales Team Training Program

ආයතන වල ගෞරවය විනාශ කරන සාමාජිකයෝ ~ අනුන්ගේ වැරදි වලින් පාඩම් ඉගෙනගනිමු !

Jun 21, 2021 | විශේෂ නිවේදන | 0 comments

මේ තියෙන්නේ අපේ රටේ ප්‍රධාන පෙලේ සුපිරි ගණයේ වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කරන එහි සාමාජිකයෝ එය ප්‍රවර්ධන කරන ආකාරය.

WinWin කියන්නේ අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් සුපිරි සංකල්පයක්. WinWin සමඟ මගේ කිසිදු සම්බන්ධයක් නෑ. නමුත් CharityShop සාමාජිකයින්ගෙන් අනිවාර්යයෙන්ම භාගයකට වැඩි පිරිසක් WinWin කරනවා.

WinWin කරන CharityShop සාමාජිකයින්ට පොඩි උපදෙසක් දෙන්න ඕන. මොකද CharityShop නොකරන අය මේ උපදෙස් පිළිගන්නේ නෑ. ඒ මිනිස්සු හදනවා කියන එක කරන්නම බෑ.

ඔබට අපි මාස 6ක් විනය, සදාචාරය ඉගැන්නුවා. ඔබ WinWin කරනවානම් ඒ විනය, සදාචාරය භාවිතා කරලා WinWin කරන්න. ඔබත් දිනාවි, ඒ ආයතනයත් දිනාවි.

ආයතනයේ නම විනාශ කරන්න එපා.

ලෝකෙට විහිළුවක් වෙන්න එපා.

බලන්න එකම ස්ක්‍රීන්ශොට් එක භාවිතා කරලා සාමාජිකයෝ කී දෙනෙක් රෙෆරල් හොයන්න මිනිස්සු තමන් සල්ලි හෙව්වා වගේ රවට්ටනවද? ඔබ CharityShop සාමාජිකයෙක්නම් WinWin කරනවානම් මාස 6ක් ඔබට ඉගැන්වූ විනය, සදාචාරය ප්‍රායෝගිකව භාවිතා කරන්න. ඔබේ සැබෑ ආදායම ස්ක්‍රීන්ශොට් දාලා රෙෆරල් හොයන්න. අනිවාර්යයෙන්ම ඔබට රෙෆරල් ලැබේවි. මිනිස්සු හැමදාම රැවටෙන්නේ නෑ, රවට්ටන්න බෑ. රවට්ටලා, වංචා කරලා යම් දෙයකට කිසි කෙනෙක්ව සම්බන්ධ කරන්න එපා. පව්…

සමහර විට ඔබ උත්සාහ කරන්නේ ඔබට වියදම් වුණ මුදල කවර් කරගන්න වෙන අය අමාරුවේ දාන්න වෙන්නත් පුළුවන්. ඔබව රැවටුනෙත් ඒ විදිහටම වෙන්නත් පුළුවන්. ඔබගේ යාලුවා රැවටුණ නිසා ඔහුට වියදම් වුණ මුදල හොයාගන්න ඔබව රැවැට්ටුවා වෙන්න පුළුවන්. ඔබත් ඒකම කරනවා ඇති.

ඔය චක්‍රය ඔතනින් නවත්වන්න…

ඔබට පුළුවන් තව දහස් ගණනක් අමාරුවේ වැටෙන එක නවත්වන්න.

අවංකව, ඇත්ත ප්‍රවර්ධන කරන්න…

ඔබත් දියුණු වේවි.

මේ ආයතනත් දියුණු වේවි.

ඔබගේ තණ්හාව නිසා මෙවැනි ශ්‍රී ලාංකීය ආයතන වල ගෞරවය විනාශ කරන්න එපා…

WinWin රටටම සාපයක් කලේ සාමාජිකයෝ…

ආපහු හිතන්න, ඒ සාපය නැති කරන්න..

නිවැරැදිව ඉගෙන ගන්න…

ඒ අධ්‍යාපනයත් සමඟින් WinWin කර බලන්න…

ඔබ අනිවාර්යයෙන්ම දියුණු වේවි.

මෙවැනි සංකල්ප විනාශ නොකරන්න කාරුණික වන්න…

සැ.යු : ආයතනයේ යම් වැරදි ක්‍රම වේද තිබෙනවාද යන්න පිළිබඳව මා දැනුවත් නැහැ. යම් වැරදි දෙයක් තියේනම් මම එය ප්‍රවර්ධනයක් මේ පෝස්ට් එකෙන් කරන්නේ නෑ. සමස්ථ eMoney ආයතන වලට මෙය පොදුයි. හැම තැනකදීම ඇත්ත ආදායම පෙන්වන්න..

CharityShop වලදීනම් ඔබ වෙන අයකුගේ ආදයමක් ඔබේ ලෙස පෙන්වා රවටා ඔවුන්ව රෙෆරල් ලෙස සම්බන්ධ කරන්න උත්සාහ කලොත් ඔබගේ සාමාජිකත්වය ඊලඟ මොහොතේ අහෝසි කරන බව තරයේ මතක තබාගන්න…

විනය, සදාචාරය අංක 1 වීම අනිවාර්ය වේ.

CharityShop Team

#2021ජූනි21