CharityShop Sales Team Training Program

මේ රටේ මිනිස්සුන්ව කෑවේ, මොළ විකෘති කලේ සල්ලි තණ්හාවට AdClick Package විකුණපු මිනිස්සු

May 1, 2021 | උපදෙස් | 0 comments

මිනිස්සු නිකමුන් කලා. සල්ලි නිකන් පහළවෙන සමාජයක් හැදුවා. අන්තිමට ලෝකයට ණය කාරයෝ බිහිකරලා කම්පැනි කාරයෝ සල්ලි හොයාගත්තා…

පිරමීඩ ක්‍රමේට මිනිසුන්ගේ සල්ලි ජාවාරම් කරන ආයතන මේ රටට ආවේ අවුරුදු 15 විතර කලින්. මට මතකයි මගේ හොඳම යාලුවෙක් මාව කොළඹ එක්ක ගියා 2007. එයත් මේ ගෲප් ඉන්නවා. දැන් එයාට Financial Freedom තියේලු. පොළිසියෙනුත් හොයනවා. මං හිතන්නේ Financial Freedom කියන්නේ පොළිසියෙන් හොයන එකට කියන ඉංග්‍රීසි පරිවර්තනය වෙන්න ඇති. මාව එක්ක ගිහින් බඩු වගයක් ගන්න කියලා තමයි කීවේ. ඊට පස්සේ ඒ බඩු ගන්න තවත් අය අඳුන්වලා දෙන්න ඕනලු. හැබැයි ඒ භාණ්ඩ සාමාන්‍ය වෙළඳපොල වටිනාකමට වඩා 10 ගුණයකටත්  වැඩියෙන් විකුණන්නේ.

ඔය භාණ්ඩ අලෙවි කිරීමේ වැඩසටහන විවිධ ආයතන වලින් ආරම්භ කලේ මහ බැංකුවේ පනත් වලට අනුව කිසි අයෙක්ගෙන් මූල්‍ය තැන්පතු ගන්න බෑ ආයතනයකට එය මහ බැංකුවේ ලියාපදිංචි නොමැතිනම්. ඉතිං සල්ලි වෙනුවට මේ අය භාණ්ඩ අලෙවි කලා. මේ ආයතන මොනවද කියන්න ඕන නෑනේ. තවමත් ලංකාවේ තිබ්බත් ලක්ෂ ගාණක් මිනිස්සු අමාරුවේ දාලා ඉවරයි ඒවගෙන්. වැටුණ වලෙන් ගොඩ එන්න බැරුව ගොඩක් අය ඉන්නවා.

ඔන්න ඊට පස්සේ අපේ අය භාණ්ඩත් අයින් කරලා ඊට වඩා පහසු ක්‍රමයක් සොයාගත්තා. කිසිම වියදමක් නැති වැඩක්. ඒ තමයි ඇඩ් ක්ලික්. Paid To Click (PTC) sites කියලා තමයි මේවා හඳුන්වන්නේ. PTC Site එකක අර්ථය විකීපීඩියා වල මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ.

“ගෙවුම් ක්ලික් කිරීම (පීටීසී) යනු නිවසේ සිට මුදල් ඉපැයීම අරමුණු කරගත් පුද්ගලයින්ගෙන් මාර්ගගත ගමනාගමනය (Online Traffic) ලබා ගන්නා මාර්ගගත (Online) ව්‍යාපාරික ආකෘතියකි. PTC වෙබ් අඩවි දැන්වීම්කරුවන් සහ පාරිභෝගිකයින් අතර අතරමැදියන් ලෙස ක්‍රියා කරයි; PTC වෙබ් අඩවියේ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සඳහා දැන්වීම්කරු ගෙවන අතර, මෙම ගෙවීමෙන් කොටසක් වෙළඳ දැන්වීම නරඹන විට ඔහු වෙත යයි.”

මේ ව්‍යාපාරික සංකල්පය යොදාගත්තා ගොඩක් අය ඇඩ් ක්ලික් පැකේජ් විකුණන්න. වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න නම් ඇඩ් ක්ලික් පැකේජ් එකක් ගන්න ඕන. 2013 විතර ආරම්භ කරපු ඒ වගේ ආයතන ගොඩක් මිනිස්සුන්ගේ බිලියන ගාණක් සල්ලි අරන් පැන්නා. ආයෝජනය කල අය අමාරුවේ වැටුණා..

ඇත්තටම මේවායේ ඇත්ත ඇඩ් තියෙන්නේ අඩුවෙන්. දැන් කාලේ කවුරුවත් ඔය සයිට් වලට ඇඩ් දෙන්නේ නෑ. මොකද ෆේස්බුක් / Google / Youtube වල ඇති තරම් නොමිළයේ හෝ මුදල් ගෙවලා ප්‍රවර්ධන කටයුතු කරන්න පුළුවන්. ඇඩ් පෙන්වන්නේ බොරුවට. නිකං දවස ගානේ කරන්න වැඩක් තියේ කියලා පෙන්වන්න. ඒ ආයතන කරන්නේ ඔවුන්ට වෙන ව්‍යාපාර (ආයෝජන) කරන්න මූලික ප්‍රාග්ධනය නොමැති නිසා මිනිස්සුන්ගේ සල්ලි එකතු කරගන්නවා. ඉන්පසුව ඒ සල්ලි විවිධ ස්ථානවල, Crypto Currency වල, Share Market එකේ  ආයෝජනය කරලා මුදල් උපයලා එයින් එන ලාභයෙන් කොටසක් ගෙවනවා මුදල් දුන්න අයට. හැබැයි කිසිම නීති විරෝධී දෙයක් එතන නෑ. සමහර මිනිස්සු නම් අයෝජන වලින් වංචා වැඩ, මත්කුඩු ආදිය ගෙන්වන දේවල් කරනවා ඇති. ඇතුලේ වෙන දේ කවුරුත් පෙන්වන්නේ නැහැනේ. කිසිම ආයතනයක් වාර්ශික ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නෙත් නෑ ගොඩක් ඒවායේ.

ඉතිං මිනිස්සු රැවටෙනවා. මිනිස්සු හිතනවා ඇඩ් ක්ලික් වලින් තමයි මේ සල්ලි එන්නේ කියලා. ඉතිං හැම තැනම ගිහින් හොයන්නේ ඇඩ් ක්ලික් කරලයි, වීඩියෝ බලලයි පහසුවෙන් මුදල් හොයන්න. Youtube එකෙනුත් වීඩියෝ බලනවට දෙන්නේ ඩොලර් සත ගණන්. එහෙව් එකේ වෙන ආයතන වලට එහෙම සල්ලි දෙන්න බෑ.

ඒ වගේ ඇඩ් ක්ලික් කම්පැනි දවස ගානේ රටේ ආරම්භ කරනවා. Envato වෙබ් අඩවියට ගියා, PTC Website Script එක ඩවුන්ලෝඩ් කරගත්තා. නම් ගම් වෙනස් කලා. පැකේජ් ඇඩ් කලා. අප්ලෝඩ් කලා. ඒකතමයි හැමෝම කරන්නේ. බලන්න ලෝකේ තියෙන සයිට් ගොඩක් එක වගේ.

ඊට පස්සේ අපේ මිනිස්සු පිස්සෝ වගේ ඒවට සම්බන්ධ වෙනවා. හැබැයි හැමෝම හොරු වෙන්නත් බෑ. හොඳ තරුණ ව්‍යවසායකයෝ ආරම්භ කල ඇඩ් ක්ලික් සයිට් තියේ ලංකාවේ. හැබැයි ඉතිං අද වෙනකම් ඔක්කොම හිටපු උන්නම් හොරු. තාම හොරු නොවන, වංචා නොකල, සල්ලි නොදී මග නොඇරපු ඇඩ් ක්ලික් ආයතනයක්නම් හොයාගන්න නෑ. 2020ට කලින් ඔක්කොම වංචා කලා මිනිස්සුන්ට. අලුත් ඒවටත් ඒ සෙතේම වුනොත් මිනිස්සු ලක්ෂ ගාණකගේ කෝටි ගාණක් සල්ලි ඉවරයි.

මොනා වුනත් CharityShop වලින් ඔය දේවල් දෙන්නේ නැහැ. අපි ආයෝජන වලට විරුද්ධයි. ආයෝජන කරනවන ඉගෙනගෙන Crypto වල ආයෝජන කරන්න. නැතිව වෙන කම්පැනි පෝසත් කරන්න ඒවගේ ආයෝජන කරන්න එපා. Youtube බලලා ඉගෙන ගන්න. අමාරු නෑ…

කාලකණ්නි වෙන්න එපා.

ඔබට පුළුවන් කියලා හිතන්න…

නොදන්න දේවල් අපෙන් අහන්න…

සැ.යු : කිසිම ආයතනයකට මඩ ගැසීමට නොව මිනිසුන්ට සත්‍ය පැහැදිලි කිරීමට පළකරන ලද ලිපියකි.

CharityShop Team

#2021මැයි1