CharityShop Sales Team Training Program

අපි පගාව දීලා අලුත් අයට දකින්න පරණ අයගෙන් ලස්සන කමෙන්ට් දාගන්න එකද කරන්නේ?

Jun 7, 2021 | උපදෙස් | 0 comments

කතාවක් හදන මනුස්සයාට මේ රූපය ඇති කතාවක් හදන්න…

මේ ගෲප් එකේ පෝස්ට් 1,900+ක් තියේ. හැම එකක්ම සරළ සිංහලෙන් ලියූ පෝස්ට්. මේ ගෲප් එකේ පෝස්ට් තමයි ඔබ සම්බන්ධ වෙන eMoney පාඨමාලාවේ සිලබස් එක, එහෙමත් නැතිනම් විෂය නිර්දේශය.

ආදායම් උපයන්න ඕනනම් විභාගය පාස් වෙන්න ඉගෙන ගන්න ඕන…

පහත ආකාරයට තමයි ගෲප් එකේ පෝස්ට් බෙදී යන්නේ…

1️⃣ CharityShop ආයතනයේ ආදායම් ඉපැයුම් ක්‍රම – 15%

❌ මේ 15%ට කමෙන්ට් කිරීමට අවශ්‍ය නැත. මෙම පෝස්ට් කියවා ආදායම් ඉපයීම කරන්න පුලුවන්. උත්සාහ කලහොත් අපටද, ඔබටද ලාභයක් හිමිවේ.

2️⃣ ලෝකය පුරා ඇති වෙනත් තෙවන පාර්ශ්වීය  ආයතන වල ආදායම් ඉපයීම් ක්‍රම – 10%

✅ මේවා අනිවාර්යයෙන්ම ඔබ කියවා අවබෝධයෙන් කමෙන්ට් කල යුතුය. උත්සාහ කිරීමට අවශ්‍ය නැත. දැනුවත් වීම ප්‍රමාණවත්… අපට ලාභයක් නැත. ඔබට දැනුම හිමිවේ. අමතර ලාභයක් ඉපයිය හැක.

3️⃣ දවසේ සිතුවිල්ල – 15%

✅ කියවීම සහ ප්‍රතිචාර දැක්වීම අනිවාර්යය වේ. අපට හිමිවන කිසිදු ලාභයක් නැත. ඔබට දැනුම ලැබේ. ජීවිතය හරි පාරට ගන්න ගුරු හරුකම් මේ හරහා ලැබේ. මේ සිතුවිල්ල හරහා පසුදින පලකල පෝස්ට් සියල්ල එකට නැරඹීමට ක්‍රමයක් නිර්මාණය කර ඇති නිසා සිතුවිල්ල කියවන අයෙක්ට කිසිම දෙයක් මගහැරෙන්නේ නැත.

4️⃣ විනය, සදාචාරය සහ සමාජ මාධ්‍ය ජාල සමාජයේ යහපැවැත්මට යොදාගන්නා ආකාරය – 50%

✅ කියවීම සහ ප්‍රතිචාර දැක්වීම අනිවාර්යය වේ. අපට හිමිවන කිසිදු ලාභයක් නැත. ඔබට දැනුම ලැබේ. ජීවිතය හරි පාරට ගන්න ගුරු හරුකම් මේ හරහා ලැබේ. විනය සහ සදාචාරය නොමැතිනම් සාමාජිකත්වය අහෝසි වේ. එම නිසා සියලුම පෝස්ට් කියවා ඒවා පිළිබඳව දැනුවත් වී ඉන්නා බව අපට දැනගැනීමට අවබෝධයෙන් කමෙන්ට් කිරීම අනිවාර්යය වේ. විනය සහ සදාචාරය නොමැතිනම් ලෝකය ඉදිරියේ ඔබ විහිළුවක් වේවි. එය වැළක්වීමට තමයි අපි මෙලෙස කියවීම සහ කියවූ බව ඔප්පු කිරීමට සාක්ෂියක් ලෙස කමෙන්ට් කරන්න කියන්නේ.

5️⃣ නව තාක්ෂණික දැනුම – 5%

✅ කියවීම සහ ප්‍රතිචාර දැක්වීම අනිවාර්යය වේ. අපට හිමිවන කිසිදු ලාභයක් නැත. නමුත් ලෝකය ගැන ඔබ ඉගෙන ගනීවි. නව තාක්ෂණික දේවල් ගැන ඔබට දැනුම ලැබේවි. ඔබේ කාලය ඉතුරුවේවි. ඔබ බුද්ධිමත් වේවි. එයින් අපට කෙසේ වෙතත් ඔබට ලාභයක් තියේවි. කොපි පේස්ට්, ශෙයාර් කිරීම වැනි සරළ දේ පවා උගන්වනු ලැබේ.

6️⃣ පිරමීඩ වංචා සහ අන්තර්ජාල වංචා ගැන ඉගැන්වීම – 5%

✅ කියවීම සහ ප්‍රතිචාර දැක්වීම අනිවාර්යය වේ. අපට හිමිවන කිසිදු ලාභයක් නැත. නමුත් ඔබට ලක්ෂ ගණනක් මුදල් ඉතිරිවේවි. වංචා වලට අහු නොවී සිටීවි. සමහර විට ඔබේ ජීවිතය රැකෙන්නටද ඉඩ ඇත… ලංකාව පුරා ඔන්ලයින් මනි හොයපු 99.9%ක්ම වංචා වලට අසුවී ඇත. CharityShop පෝස්ට් කියවනවාන එසේ වෙන්නේ නැත.

සාරාංශය…..

මෙම පෝස්ට් වලින් 15%ක පෝස්ට් පමණයි අපේ ආයතනයට ලාභයක් ලැබෙන පෝස්ට් තියෙන්නේ. අනික් 85%න්ම ලාභය හිමිවන්නේ ඔබට පමණි.

අන්න ඒ නිසයි CharityShop වලින් යම් ප්‍රතිලාභයක් (මරණාධාර, උපත් ආධාර, ඩේටා ලෝන්, රීලෝඩ් ලෝන්, Topup ලෝන්, Crypto Loan, ආධාර, රක්ෂණාවරණ වැනි..) දෙනවනම් අපි 85%ක් පෝස්ට් කියවා අවබෝධයෙන් කමෙන්ට් කිරීම බලාපොරොත්තු වෙන්නේ….

පෝස්ට් නොකියවන, අවබෝධයක් නැති අය හැසිරෙන්නේ මන්ද මානසික, ගොන් හරක් වගේ. පිරිසක් ඉදිරියේ ලැජ්ජා නොවෙන්න අධ්‍යාපනය ලබන්න. එය වැදගත් ඔබේ මුළු ජීවිතයටම….

හැබැයි ප්‍රතිලාභ ගන්න බොරු කමෙන්ට් දාන්න එපා. (උදා. සාමාජිකත්වයෙන් ඉවත්කල ක්‍රිෂාන් හැමෝගෙම කමෙන්ට් එකතු කරලා ලොකූ කමෙන්ට් එකක් දැම්මා වගේ)

ප්‍රතිලාභ ගන්න ඕන වෙලාවට පමණක් පිස්සෙක් වගේ ලයික් කරගෙන කමෙන්ට් කරගෙන යන්නත් එපා. එහෙම කරන අයට ප්‍රතිලාභ දෙන්නේ මාස 6කට පස්සේ. එතකොට අවංක ප්‍රතිචාර අපට බලන්න පුලුවන්. මොකද බොරුවක් එක දිගට මාස 6ක් කරන එකක් නෑනේ.

ඔන්න ඕකයි කමෙන්ට් වලට ප්‍රතිලාභ දෙන්න හේතුව…. මොකද අපේ මිනිස්සුන්ට තමන්ට හොඳක් වෙන දෙයක් කරන්නත් පගාව ඕන…

සරළවම, කොරෝනා හදාගන්නේ නැතිව ගෙදර ඉන්න අයට 5,000 දෙනවා කීවනම් මෙලහකට ලංකාවෙන් කොරෝනා තුරන් වෙලා ගොඩක් කල්…

ඊටත් වඩා අපි ඔබ වෙනුවෙන් දවසට පැය 17ක් මහන්සි වෙලා ලියන පෝස්ට් එකට අගයක් දෙන්න බැරි කුහක මනුස්සයෙක්ට අපි  මොකට ප්‍රතිලාභ දෙනවද…

CharityShop Team

#2021ජූනි7