CharityShop Sales Team Training Program

රැල්ලට පිස්සෝ වගේ eMoney හොයන්න යන්න එපා

Jun 29, 2021 | උපදෙස් | 0 comments

එයාගෙ  වෙඩින් එක හිල්ටන් එකේ  තිබ්බ නිසා  ඔයාටත් ගේයි ඉඩමයි විකුණලා හරි  හිල්ටන් එකේම මගුල කන්න හිතෙනවනම්,

අල්ලපු ගෙදර නෝනා බඩ අඩුකරගන්න ජොගින් යනවා දැකලා ඉරටුවක් වගේ ඉන්න මග යන්න පන නැති  ඔයාටත්‍ ජොගින් යන්නම  ඕනේ වගේ හිතෙනවනම් ,

අල්ලපු ගෙදර ළමය  swimming class  ගියාට දවසෙම සිංදු කියන ඔයාගෙ පුතාව සංගීත පන්තියකට නොදා වදෙන් පොරෙන් බලෙන්  හරි පූල් එකකට තල්ලු කරන්න හිතෙනවානම්

එහා පුටුවේ ඉන්න කෙනා හැන්දෙන් කනවා දැක්කම එයාට පේන්න  ඔයාටත් හැන්දෙන්ම කන්න හිතෙනවා නම්,

මේ කථාව ඔයාට, ⬇

ඉස්කෝලෙ දෙකේ පන්තියෙ විභාගෙදි හදිස්සියට එහා පැත්තේ එකාගෙන් කොපි කරපු  පුරුද්ද නවත්තගන්නම බැරුව තාමත්  අනුන්ගෙන්  කොපි කරලා එක එකා කරන එකම කරන්න හිතෙනවනම් ඉතිං පව්,

මොකද  ඉස්කෝලෙ විභාගෙදි හැමෝටම එකම  ප්‍රශ්න පත්තරේ  හම්බුනාට ජීවිතේ විභාගෙදි එහෙම නැහැ, ජීවිතේදි  එක එකාට  හම්බෙන්නෙ  වෙනස් වෙනස් ප්‍රශ්න,ප්‍රශ්නෙ දිහා හරියට  බලන්නෙ නැතුව ,  උත්තර විතරක්  අනුන්ගෙන් කොපි කරන මිනිස්සුන්ගේ  ජීවිතේ හරියට   කිරි හොදියි බෝල්ට් ඇනයි වගේ, කිසි ගැලපීමක් නැහැ මෙලෝම රහක් නැහැ.

ඒක නිසා, වද විඳ විඳ ලෝකෙට පේන්න  බොරු ප්‍රතිරූප මවාගෙන ඒවා මේන්ටේන් කරන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ, අනිත් එකා කරන නිසා ඔයත් ඒකම කරන්න ඕනේ නැහැ. Unique  වෙලා  තමන්ට ගැළපෙන, තමන්ට කරන්න  පුළුවන් දෙයක් කරලා පාඩුවෙ හිටියම ඇති.

එක එක ජීවිත කතා වලට එක එක රටා තියනවා, රටාව නොදැන කථාව කොපි කරලා නිකන් අමාරුවේ වැටෙන්න එපා.

ඔරිජිනල් විදිහට ඉපදිලා මාර අමාරුවෙන් ගේමක් දීලා අන්තිමට  අනුන්ගෙ කොපියක්‍ වෙලා මැරිලා ගිහිං මොකටද ඉතිං ?

රැල්ලට පිස්සෝ වගේ eMoney හොයන්න යන්න එපා, ඒවට ආයෝජනය කරන්න යන්න එපා. eMoney ගැන CharityShop හරහා නොමිළයේ ඉගෙනගෙන ඉන්පසුව ඒ හරහා ආදායම් උපයන්න…

කතාවේ සමහර කොටස් වල කතෘ අයිතිය – අනිශා ජයකොඩි ✍

CharityShop Team

#2021ජූනි29