CharityShop Sales Team Training Program

ෆේස්බුක් නැතත් එසැනින් තොරතුරු – හඳුන්වාදෙන Instant CharityShop Notifications

Mar 24, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

අද සිට ඔබට අපි CharityShop Team – ව්‍යවසායක කණ්ඩායම (Entrepreneurs Club) ගෲප් එකෙහි පෝස්ට් එකක් පලකල සැනින් දැනගන්න ෆේස්බුක් ඉන්න ඕනම නැහැ. ඔබේ Data සක්‍රියනම් ක්ෂණිකව ඔබට Notifications එකක් එනවා.

1️⃣ www.mychallenge.work වෙබ් අඩවියට යන්න

2️⃣ තත්පර කිහිපයක් රැඳී සිටින්න

“ඔබට CharityShop වෙතින් පෝස්ට් එකක් පලකළ සැනින් දැනගැනීමට අවශ්‍යයිද?”

යන පණිවිඩයට “ඔව්” යන්න තෝරන්න.

3️⃣ ඊලඟට www.mychallenge.work wants to send you notifications යන්න Allow ඔබන්න. එය ක්ලික් නොවේනම් කිහිපවරක් උත්සාහ කරන්න.

ඔබ සාර්ථකව අපව Subscribe කර ඇත්නම් වෙබ් අඩවියේ පහල වම් කෙලවරේ කොල පාට බෙල් අයිකන් එකක් පොඩියට පෙනේවි. Subscribe වී නැත්නම් එය ප්‍රමාණයෙන් විශාලව පෙන්වයි.

4️⃣ අප වෙබ් අඩවියට පෝස්ට් එකක් පලකල සැනින් ඔබට ෆෝන් එකට හෝ පරිගණකයට ක්ෂණිකව Notification එකක් ඒවි.

5️⃣ ෆෝන් එකේ නම් එය ඉහල Notification Panel එකේද, පරිගණකයේ නම් පහළ දකුණුපස කෙලවරේ අඟල් 3 x 3 ප්‍රමාණයේ පෝස්ට් ඡායාරූපය සමඟින්ද එය පෙන්වනු ඇත.

6️⃣ පෝස්ට් එක කියවීමට එම Notification එක ඔබන්න. එවිට එය වෙබ් අඩවිය හරහා විවෘත වේවි. නොඑසේනම් එය ඉවත්කර ගෲප් එකට ගොස් බැලීමටද පුළුවන.

මේ සඳහා වෙබ් අඩවිය විවෘත කරගෙන සිටිය යුතු නැත. ඔබ පරිගණකය හෝ ෆෝන් එක ඕෆ් කරගෙන සිටියහොත් ඔන් කල සැනින් අපගේ Notifications වෙනමම පෙන්වාවි. දහස් ගණනක් ෆේස්බුක් Notification අතරින් අපගේ Notifications සෙවීමට අවශ්‍ය නැත.

සැ.යු : මේ සේවාව නිසා අපට එකම පෝස්ට් එක දෙවරක් ෆේස්බුක් එකට සහ වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීමට සිදුවේවි. එනම් අපට අමතර කාලයක් වෙන් කිරීමට සිදුවේවි. සමහර අවස්ථාවලදී වෙබ් අඩවියට අප්ලෝඩ් කිරීම ප්‍රමාද වීම්ද සිදුවිය හැකි බව කරුණාවෙන් සළකන්න.

🟢 හැමෝම වෙබ් අඩවිය Subscribe කර අවසන් වූ පසු මේ පෝස්ට් එකට ස්ක්‍රීන්ශොට් එකක් කමෙන්ට් කරන්න.

🔴 ඔබගේ ෆෝන් එකේ Cache/Browser Cookies Clear කලහොත් Subscribe කිරීම නැවත වතාවක් කල යුතුය.

මේ සේවාව පිළිබඳව ඔබගේ අදහස දක්වන්න.

CharityShop Team

#2021මාර්තු24