CharityShop Sales Team Training Program

හඳුන්වාදෙන Charityshop Digital Wallet 2.1 (වැඩිදියුණුකරන ලද විශේෂාංග රැසක් සමඟින්)

Jun 18, 2021 | නව හඳුන්වාදීම් | 0 comments

ඔබගේ ආදායම් ලබාගැනීමට පාඨමාලා ගාස්තුව ගෙවූ හැමෝම තමන්ගේ eWallet එක නිර්මාණය කරගන්න.

✅ සියලුම දෙනාගේ eWallet Balance එක ජූනි 18 ප.ව. 8.00න් පසුව යාවත්කාලීන වේවි. එතෙක් ඉවසීමෙන් රැඳී සිටින්න

ලෝකයේ පළමුවෙනි සිංහල භාෂාවෙන් නිර්මාණය කල eWallet එක…

දැන් ඔබට අපගේ www.mychallenge.work වෙබ් අඩවිය හරහා ඔබගේ Digital Wallet එක නිර්මාණය කරගන්න සහ එයට පිවිසීමේ හැකියාව ඇත.

❎ පොඩ්ඩක් ඉන්න. හදන්න කීව ගමන් හදන්න කලින් මේ පෝස්ට් එක කියවන්න. මොකද එක වැරැද්දක් ඇති ඔයාලගේ නොමිළයේ ලැබෙන CDC අහිමි වෙන්න.

❎ ඊලඟට මතක තබාගත යුතු මූලික කරුණනම් වෙන් අඩවියට ගිය ගමන් User Name / Password බොක්ස් දෙක දැකලා මන්ද මානසික මනුස්සයෙක් වගේ තමන්ගේ සාමාජික අංකයයි, හිතට එන පාස්වර්ඩ් එකකුයි ටයිප් කරන්න එපා. මුලින්ම තියෙන එකෙන් ලොග් වෙන්න නම්, ඊට පෙර ඔබ ගිණුමක් නිර්මාණය කරගන්න ඕන. සාමාජික අංකයක් ඔබ සතුවුණා කියලා ස්වයංක්‍රීය ගිණුමක් නිර්මාණය වෙන්නේ නෑ. ඒ නිසා වෙබ් අඩවියේ අඟලක් යටට ගිහින් Create Your Account ඔබන්න. ඉන්පසු ඔබ අපත් සමඟ සම්බන්ධ වෙනකොට ලැබුණ සාමාජික අංකය යොදා ගිණුම නිර්මාණය කරගන්න. ඉන්පසු වෙබ් අඩවියේ ඉහළම තිබෙන Box එකෙන් ලොග් විය හැක.

✅ දැන් මේ පෝස්ට් එක සම්පූර්ණයෙන්ම කියවලා eWallet එක නිර්මාණය කරගන්න.

🌎 Charityshop eWallet

අපගේ ක්‍රියාකාරකම් හරහා උපයාගත් ආදායම මෙහි පෙන්වනු ලැබේ. ඕනෑම වෙලාවක මෙහි මුදල් Upay ලබාගත හැක. අවම Withdraw කල හැකි මුදල රු.100. ඊට අඩුනම් රීලෝඩ් එකක් ලෙස ලබාගත හැක. Upay Install කරගන්නා ආකාරය වෙනම පෝස්ට් එකකින් දැනුම් දෙනු ලැබේ.

🇱🇰 විශේෂ නිවේදනයයි

1️⃣ ගිණුම නිර්මාණය කිරීමේදී පැහැදිලි සිංහලෙන් උපදෙස් ලබාදී තිබෙනවා User Name ලෙස යෙදිය යුත්තේ සාමාජික අංකය පමණක් බව. උපදෙස් ලබාදී ඇති බැවින් වෙනත් නම් වලින් ගිණුම් නිර්මාණය කරගත් අයට නොමිළයේ ලැබෙන CDC අහිමි වන අතර ක්‍රියාකාරකම් වලටද ගෙවීම් අහිමි වනු ඇත. මන්ද අපි මුදල් හුවමාරු කිරීම් කරන්නේ ඔබේ අංකයට මිස ගෙදර බල්ලාට, පරණ පෙම්වතියගේ නමට නොවේ. අපට ඔබගේ සාමාජික අංකය සොයාගැනීමට නොහැකි වුවහොත් අදාල ඉපයීම් Cancel වේ. ගිණුම් කිහිපයක් නිර්මාණය කරගන්න එපා. ඔබට හිතෙන හිතෙන ආකාරයට ගිණුම් නිර්මාණය කරන්න එපා.

❎ ඔබ CharityShop වෙත සම්බන්ධ වූයේ Visa Credit/Debit Card හරහානම් මේ වන විට ඔබේ නමින් මෙහි ගිණුමක් ස්වයංක්‍රීයව නිර්මාණය වී ඇත. නමුත් එය නිර්මාණය වී ඇත්තේ ඔබගේ නමටය. එය භාවිතා කිරීමෙන් වළකින්න. වෙනත් ඊමේල් ලිපිනයක් භාවිතා කර සාමාජික අංකයට ගිණුමක් නිර්මාණය කරගන්න.

2️⃣ දිනපතා Password Reset කිරීමෙන් වළකින්න. මතක හිටින එකක් යොදන්න. එයටද උපදෙස් ලබාදී තිබෙනවා. Password Reset කිරීමට ඔබගේ ඊමේල් ලිපිනය නිවැරදිව ගිණුමට ඇතුලත් කර තිබිය යුතුය. ලියාපදිංචි වීමේදී ප්‍රවේශම් වන්න. ඔබ හදිසියට වැරදි ඊමේල් ලිපින ඇතුලත් කර ගිණුමට ප්‍රවේශ වීමට නොහැකි වීම ඔබේ වරදකි. එසේ වුවහොත් එය Reset කිරීමට CDC 500ක් ගෙවිය යුතුය.

3️⃣ තෙවරකට වඩා වැරදි Password එකක් යෙදුවහොත් ගිණුම ලොක් වේ. නැවත විනාඩි 20කින් උත්සාහ කරන්න. මතක හිටින Password එකක් යොදන්න. ලොග් වීමේදී ඉවසීමෙන්, සන්සුන්ව කටයුතු කරන්න. ගිණුම ලොක් වුවහොත් සමහර විට එහි ලොක් එක ඉවත්වීමට දින 30ක් ගත විය හැක. ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

4️⃣ ඔබ තරයේ මතක තබාගත යුතු දෙයක් තමයි වැරදි User Name එකක් (Member ID) කිසි විටක ටයිප් කර පාස්වර්ඩ් එක ගැසීමෙන් වැලකිය යුතුය. එයට හේතුව අප පද්ධතිය නිර්මාණය කර ඇත්තේ හැකර්වරු User Name උපකල්පනය කර ටයිප් කිරීම වැලැක්වීමටය. එම නිසා User Name එක වැරැද්දුවොත් මාස 4කට ඔබගේ IP එක බ්ලොක් වේ. එම නිසා සැලකිල්ලෙක් කටයුතු කරන්න.

❎ සරලවම ඔබගේ UserName සහ Password මතක තබාගැනීමට අපහසුනම් මෙහි ගිණුම් නිර්මාණය කර ගැනීමෙන් වළකින්න. මන්ද මෙපමණ සරල සිංහල පද්ධතියක ගිණුමක් නිර්මාණය කර ගැනීමට අපහසුනම් සහ සරල අකුරු කිහිපයක් මතක තබාගැනීමට අපහසුනම් ඔබට මේ ගෲප් එකේ උපදෙස් කවදාවත් මතකයේ නොතිබේවි. ගිණුමක් ප්‍රතිස්ථාපනය කිරීමට CDC 1000ක් ගෙවිය යුතුය.

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

ගිණුම නිර්මාණය කරගැනීමෙන් පසු ඔබගේ eWallet එකේ Screenshot එකක් කමෙන්ට් කරන්න. උදාහරණය සඳහා පළමු කමෙන්ට් එක බලන්න.

🐢 හැමෝම එකම අවස්ථාවේ ලොග් වීමට උත්සාහ කලහොත් වෙබ් අඩවියට ප්‍රවේශ වීම තරමක් මන්දගාමී විය හැක.

❎ කරන්න එපා කියපු දෙයක් කරලා ගිණුම ලොක් වුනොත් මේ පෝස්ට් එක බලන්න : https://www.facebook.com/groups/charityshopteam/permalink/332471855055264/

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021ජූනි18