CharityShop Sales Team Training Program

Dropshipping හරහා මාසිකව මිලියනයක් උපයන ආකාරය

Aug 22, 2021 | Scam Alert | 0 comments

ඔබ ඕනෑතරම් දැක ඇති ෆේස්බුක් එකේ කාර් එක්ක ෆොටෝ දාන අය ඉන්නවා. ඒ හැමෝම මිලියන ගනන් මුදල් උපයලා තියෙන්නේ ඩ්‍රොප්ශිපින් නිසා තමයි. ඉතිං අපි ඔබට අද කියලා දෙන්නේ කොහොමද Dropshipping හරහා මාසයකට මිලියනයක් උපයන්නේ කියලා…

හරි සරළයි…

1️⃣ රු.25,000ක් පමණ වියදම් කරලා ඔබ Dropshipping ඉගෙන ගන්න

2️⃣ ඉන්පසු ඔබ Dropshipping උගන්වන පාඨමාලා කරන්න ආරම්භ කරන්න.

3️⃣ රු.25,000 x 4 සම්බන්ධ වුනොත් ඔබට රු.ලක්ෂයක් ලැබෙනවා.

4️⃣ සිසුන් 40ක් සම්බන්ධ වුනොත් ඔබට රු.මිලියනයක් ලැබෙනවා…

සරළයි නේද…

ඔන්න ඕක තමයි Dropshipping වල සත්‍ය කතාව…. Dropshipping ඉගෙන ගත්ත හැමෝමනම් අද වෙනකොට සාර්ථක වෙලා නැහැ. මොකද ඒක පහසු දෙයක් නෙමේ.

හැබැයි කෝස් උගන්වන අයනම් ඕන තරම් සාර්ථක වෙලා තියේ….

අන්න ඒකනේ අපිත් Dropshipping නොකර ඉගැන්වීම කරන්නේ… හැබැයි අපි වංචා කරන්නෙත් නෑ, බොරු කියලා හීන පෙන්වලා මිනිස්සු සම්බන්ධ කරගන්නෙත් නෑ.

අපේ ආයතනයට ආදායම් ඉපයීම් ක්‍රම 250+ වඩා තියේ. පාඨමාලා කියන්නේ එක ආදායම් ක්‍රමයක් විතරයි….

ඉතිං ඕනම දේකට ඇත්තෙ දැනගෙන සම්බන්ධ වෙන්න…

CharityShop Team

#2021අගෝස්තු22