CharityShop Sales Team Training Program

Rupee4Click වංචාවට ඔබත් හසු වුනාද?

May 11, 2021 | Scam Alert | 0 comments

ඉන්දියන් රුපියල් 5000 (₹5000) Withdraw කරන්න දැන් රෙෆරල් හොයන ගමන්ද ඉන්නේ?

වෙබ් එකට Join වෙනකොටම හම්බවුණා නේද ₹500ක්? ඒ කියන්නේ රු.1,340ක්. දැන් ඉතිං Withdraw කරන්න කොහොම හරි 5000 හොයන්නත් ඕනනේ. ඇඩ් ටිකත් ක්ලික් කලා, Captcha ටයිප් කලා, Offers Complete කලා. තව ඉතිං යාලුවෝ ටිකකුත් එකතු කරගත්තනම් එයාලත් ගොඩනේ නේද? නොදන්න කෙනෙක්ට කියලා දීලා එයාලව ගොඩ යවන එක කොච්චර දෙයක්ද නේද?

අනේ පලයං බං යන්න…

රටේ ඉන්න මිනිස්සු කෝටිපතියෝ කරන්න, අනුන්ට පිහිටවෙන්න ඔච්චර ඇම්මක් තියේනම් ඇඩ් ක්ලික් සයිට් එකක් හම්බවෙනකම්ම ඉන්න වුනාද? ඊට කලින් හිඟන්නෙක්ට රුපියලක්වත් දීලා නැතුව ඇති. එක්කෝ වෙන මිනිස්සු කරපු පිංකම් වලටත් ගරහලා ඇති….

මේ වෙබ් අඩවිය වංචාවක්. සල්ලි මුලින් දෙන්න ඇති. ඕනම ඇඩ් ක්ලික් සයිට් එකක් එහෙම තමයි. මුලින් ආකර්ශනීය ලෙස ගෙවනවා. පස්සේ තමයි ගේම දෙන්නේ.

මේ වගේ වංචාකාර සයිට් නිසා Trustpilot Review පවා විශ්වාස කරන්න බැරිවෙනවා. මොකද Review 50,000 වඩා තියේ. ඉන්දියාවේ මිනිස්සු සල්ලි ගන්න ඇති. හැබැයි ලංකාවේ ගත්ත කෙනෙක් ගැනනම් අහලා නෑ. ගත්තත් ගන්න ඇති සයිට් එක පටන් ගත්ත දවස් වල.

කවුරු හරි මේකට රෙෆරල් හොයනවා ගෲප් වල දැක්කොත් ඒ පුද්ගලයා ඔබ නොදන්න කෙනෙක් වුනත් කමක් නෑ කියලා දෙන්න. පව් අහිංසකයගේ ඩේටා.

CharityShop සාමාජික ඔබනම් අහුවෙන්න එපා.

සල්ලි හොයන්න ලේසි ක්‍රම ලෝකේ නෑ..

මහන්සි වෙන්න…

ඉගෙන ගන්න…

හැකියාවක් දියුණු කරගන්න….

CharityShop Team

#2021මැයි11