CharityShop Sales Team Training Program

Scam Alert | ඇඩ් ක්ලික් යනු වංචාවකි…

Jun 4, 2021 | Scam Alert | 0 comments

1️⃣ ඇඩ් පැකේජ් වලට පසු වටිනාකමක් නෑ. ආයතනය වැහුවොත් ඇඩ් වලින් ඔබට කරන්න දෙයක් නෑ.

2️⃣ ගෙවන්නේ අලුතෙන් පැකේජ් ගන්න අයගේ මුදල් වලින්. ඊට අමතරව ට්‍රේඩින් කරනවා. මහ මොළ කාරයෝ නීති විරෝධී ව්‍යාපාර කරලා ලාභ ලබනවා.

3️⃣ ලංකාවේ මුදල් ආයෝජන / තැන්පතු භාර ගන්න බැරි නිසයි ඒ නීතියෙන් බේරෙන්න බොරු සේවාවක් විදිහට පැකේජ් දෙන්නේ.

4️⃣ ඇඩ් ක්ලික් වලට අවංකවම සල්ලි ලැබෙනවනම් ඇයි නොමිළයේ ඇඩ් ටික දීලා ක්ලික් කරන ප්‍රමාණයට ඔබට මුදල් නොදෙන්නේ? මොකද ඒවට සල්ලි ලැබෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඔබෙන් සල්ලි එකතු කරගන්න එක.

5️⃣ ඕනම හිඟන්නෙක්ට ඇඩ් ක්ලික් සයිට් එකක් හඳන්න පුලුවන්. $49න් Script එක ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුලුවන්.

6️⃣ මුලින් හොඳට ගෙවයි, ලොකු තැන්පතු දානකොට සල්ලි අරන් පනී.

7️⃣ ආව ඕනෑම සයිට් එකක් අවුරුදු 1/2න් Scam වෙනවා.

සරළ කතාවකින්….

මේ වගේ ඇඩ් ක්ලික් ආයතන මුලින්ම කියන්නේ යම් මුදලක් ගෙවා පැකේජයක් ලබා ගත යුතු බවය. Free Package දෙනවා රවට්ටන්න, සාමාජිකයෝ අල්ලගන්න…

අඩුම පැකේජය රුපියල් 2000කි (උපකල්පනක් පමණයි). මේක දකින අපේ මහේෂි නංගි අඩුම පැකේජය පොඩි ටෙස්ට් එකක් කරන්න හිතාගෙන මිලදී ගනී. හිතේ පොඩි බයකුත් නැතුවම නොවෙයි. කොහොම හරි මේක ගත්ත නංගිට ඔන්න ඇඩ්ස් බලන්න කියල ආයතනයෙන් ඇඩ්ස් එවයි. ඔන්න සතියකට රුපියල් 240 ලැබුණා. දෙවන සතියෙත් රුපියල් 240 ලැබුනා. දැන් නංගිටත් සැහෙන සතුටුයි. දැන් ඉතින් මහේෂි නංගිගේ හිතේ තිබ්බ බය නැතිවෙලා ගිහින්.

සල්ලි හොයන ආශාව දෙගුණ තෙගුණ වෙලා. එයා දැන් ලොකු පැකේජයකට යන්න ප්ලෑන් එක. ඔන්න තමන්ගේ ළඟ තියන රත්‍රන් චේන් එකක් හරි උගස් තියලා අපේ නංගි ගන්නවා 75,000ක වගේ පැකේජ් එකක්. ඔන්න බොලේ එකෙනුත් සල්ලි එනෝ. දැන් මහේෂිට සෑහෙන හැපී. දැන් මහේෂි සිහින මාලිගා තනනවා නොනවත්වාම.

පස්සේ අපේ මහේෂි නංගිට ආරංචි වෙනවා මේ වැඩේට තව කෙනෙක් සම්බන්ධ කරගත්තොත් එයාට ලොකු කොමිස් මුදලක් ලැබෙනවා කියලා. තවත් උපයන මුදල වැඩි කරගන්න කියලා හිතලා එයා එයාගේ ලඟම යහළුවා වන ගයත්‍රි අක්කවත් මේ වැඩේට සම්බන්ධද කරගන්නවා. බය වෙන්ඩ එපා අක්කේ. මේකෙන් අපි හැමෝටම ගොඩ යන්න පුළුවන්. දැන් ගයත්‍රිත් වැඩේට එන්ටර් වෙලා පැකේජ් එකක් ගන්නවා. එයත් තව තව ලොකු ලොකු පැකේජ් වලට යනවා. ඇයි ඉතින් සෙල්ලම් ද මේ වගේ සල්ලියක් ගලනකොට.

ඊට පස්සේ මේ යාලුවෝ දෙන්නා අචිනි කියන යාලුවවත් සෙට් කර ගන්නවා. පස්සේ අචිනිත් එයාගේ යාලුවෝ මේකට ඇඳලා ගන්න හදනවා. දැන් වැඩේ ජමරේට නැගල යනවා.

දැන් මෙයාල ෆේස්බුක් එකේ ගෘප් වලත් මෙහෙම ඇඩ්ස් දානවා. එන්න ඔන්ලයින් සල්ලි හොයන්න කියලා. තව තව කට්ටිය මේවට එකතු කරගන්නවා. එයාලත් තව තව කට්ටිය සෙට් කරගන්නවා. දැන් වැඩේ ඔහොම ඔහොම ව්‍යාප්ත වෙලා යනවා. දැන් මෙයාලට මෙහි ඇති අවධානම පිළිබඳව උපදෙස් දෙනකොටත් අපිට මේ මහේෂි , ගයත්‍රි, අචිනිලා බනින්න පටන් ගනියි. දැන් මෙම ව්‍යාපාරය තනිකරම මෙහෙයවන්නේ මේ කොල්ලෝ කෙල්ලෝ ටිකය. පටන් ගත්ත අයිතිකරුවෝ සද්ද නොකර තමන්ගේ සාක්කු පුරවා ගනියි.

දැන් මේ ජාලය හදාගත්ත ජාවාරම් කරුවොත් තමන්ට දිනෙන් දින එන මුදල් එකතු කර ගනිති. එයින් කොටසක් මේ මහේෂිටත් අචිනිටත් දෙති. විශ්වාසයද වැඩි වේ. ජාවාරම් කරුවන්ගේ ආදායම දිනෙන් දින, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වැඩි වෙද්දී එක්තරා ලෙවල් එකට අපු දවසට ඔවුන් ක්ෂණිකවම අතුරුදහන් වී රටින් පැන යති. එවිට ඔවුන් අහිංසක කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් උපයා ඇති මුදලේ වටිනාකම කෝටි ගණනකි. ඔවුන් රටින් පැනගොස් සුපිරි ජිවිත ගත කරයි.

මෙහි ප්‍රතිපලය වන්නේ…

ඔබ ආයෝජනය කර ඇති මුදල ඔබට නැතිවී යයි. ඔබගේ වටිනා කාලය නැතිවී යයි. සිත් තැවුල්ව මානසික ආතතියන්ට ඔබ ගොදුරු වෙයි. ඔබ කනකර උගස් කොට ලබා ගත දෑ නැතිව යයි.

ඔබ සම්බන්ද කරගත් ඔබගේ මිතුරන්ගෙන් හෝ පිටස්තර පුද්ගලයින්ගෙන් ඔබට තර්ජන ගර්ජන බලපෑම් එල්ල වේ. නැවත එම මුදල් ඔබට ඔවුන්ට වෙතට ගෙවන්න ට පවා සිදුවිය හැකිය.

තම යහළුකම් , මිත්‍රත්වයන් පලුදුවී යයි.

ඔබට අධිකරණ සහ නීතිමය තත්වයන්ට ගොදුරු වීමටද හැකියාව ඇත. හිරේ විලංගුවේ වැටෙන්නට ද ඉඩ කඩ ඇත.

අපේ භාෂාවෙන් කියනවනම් එහි සේවය කල සේවකයින්ටද තම නිවෙස්වල වසන්නට බැරි තත්වයක් උදාවනු ඇත.

❌ අපි දාන්නේ අපේ සල්ලි, ඔහේට මොකද කැක්කුම ? අපිටනම් හොඳට ගෙවනවා. අවුරුද්දක් දෙකක් හරි Scam වෙනකම් අපි ඒක කරගන්නම්… ඔයා ඒ ගැන කරදර වෙන්න එපා…

අපේ පිළිතුර : හා මහත්තයෝ, ගුඩ් ලක් !

CharityShop Team

#2021ජූනි4