CharityShop Sales Team Training Program

බිම්මල් වගාව පාඨමාලාව ~ Zoom ඔස්සේ (මැයි 12 පාඨමාලාව)

May 13, 2021 | Charityshop පාඨමාලා, Zoom Meeting | 0 comments

දිනෙන් දින අපි ව්‍යවසායකින් බිහි කරනවා. පරිගණක, ස්මාර්ට් ෆෝන්, ෆේස්බුක් සහ අන්තර්ජාලය දැනුම තිබෙන අයට ඔන්ලයින් මුදල් සොයන්නත්, එසේ නැති අයට ස්වයංරැකියා ඔස්සේ ආදායම් උපයන්නත් අපි කියා දෙනවා.

මගේ දැනුමේ හැටියට මීට කලින් බිම්මල් වගාව පාඨමාලාවක් ලංකාවේ ඔන්ලයින් කරලා නැතිව ඇති කියලා හිතනවා. ඉතිං CharityShop හරහා එක්වුණ ඔබට අවස්ථාව ලැබුණා අභියෝග මැද්දේ, ලොක් ඩවුන් වුන රටක දුරස්ථ අධ්‍යාපනය හරහා නිවසේ සිට ස්වයංරැකියාවක් කරන්න දැනුම ලබාගන්න.

දින 4කට කරන්න බලාපොරොත්තු වන මෙම බිම්මල් පාඨමාලාවේ පළමු දිනය ඊයේ රාත්‍රී 7.30 සිට 9 දක්වා පැවතුනා. ඒ සඳහා සම්පත් දායකත්වය දැක්වුයේ අපගේ ආයතනයේ ලියාපදිංචි ගුරුවරයෙක් වන උදය මහතා.

බොහොමයක් අයට සංචාරණ සීමා නිසා පාඨමාලා ගාස්තුව ගෙවන්න නොහැකි වුණා. ඉතිං අපි හැමෝටම පළමු දිනයට නොමිළයේ සම්බන්ධ වෙන්න අවස්ථාව ලබාදුන්නා.

පාඨමාලාවට සම්බන්ධ වුණ අය හැකිනම් අලුත් අයට දැනගන්න ඊයේ දවසේ ඔබේ අත්දැකීම, අපි අතින් වුන අඩුපාඩු ආදිය කමෙන්ට් එකකින් පළකරන්න. එය අපට ඉදිරියට යන්න හයියක් වේවි.

ඔබටත් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඕනනම් දැන්ම පහත ලින්ක් එකෙන් විස්තර බලලා ලියාපදිංචි වෙන්න. ඊලඟ පාඨමාලාවට සෙනසුරාදා හෝ ඉරිදා රාත්‍රියේ සම්බන්ධ වෙන්න පුළුවන්.

https://m.facebook.com/groups/charityshopteam/permalink/309184877383962/

CharityShop Team

#2021මැයි13